අපේ පිටුව
දැනුම හා බලය
"දැනුම බලය වේ" එය ප්‍රසිද්ධ කියමනකි. නමුත් එය එසේ වීමට නම් දැනුම භාවිතා කල
යුතුය. දැනුම භාවිතයට ඇති දෙයකි. භාවිතයට නොගන්නා දැනුමෙන්
ප්‍රයෝජනයක් නැත. වර්තමානයේ දැනුම හා සම්බන්ධ ප්‍රධාන ගැටළුව වී තිබෙන්නේ නව දැනුම සොයා ගැනීම නොව තිබෙන දැනුම භාවිතා නොකිරීමයි.
දැනුම සොයා ගැනීම වර්තමානයේ අභියෝගයක් නොවේ. දැනුම භාවිතා කිරීමට කාලය හා අවකාශය කළමනාකරණය කර ගැනීම අභියෝගාත්මකයි.
දැනුම පුද්ගලයකුගේ කුසලතාවයන් වෙනස් කරයි. නැතිනම් වැඩිදි්‍යුණු කරයි.
කුසලතාවයන් පුද්ගලයකුගේ ආකල්ප වෙනස් කිරීම හා සංවර්ධනය කිරීම සිදු කරයි. මෙය දම්වැලක පුරුක් මෙනි. කුසලතා වෙනසකින් තොරව පුද්ගල ආකල්ප වෙනස් කිරීමට උත්සහ කිරීම විහිළුවකි. මෙය හරියට ධීවර රැකියාව පමණක් දන්නා කෙනෙකුට පළමු පන්සිල් පදය රැකීමට බල කිරීමක් වැනිය. ධීවර හැකියාව ඔහුගේ කුසලතාවයයි. වර්තමාන පාසල් අධ්‍යාපනයත් මෙවැනිමය.එනම් කුසලතා සංවර්ධනයකින් තොරව ආකල්ප වෙනස් කිරීමට දරණ උත්සහයකි...